චී නය අද දවසේදී ලෝකයට අදාළ වෙන ආකාරය තේරුම් ගැනීමට නම් චීනය තුල ධනවාදයේ සංවර්ධනය සිදු වූ ආකාරය විමර්ශනය කල බැලිය යුතු වේ. මෙහිද එක් පැතිකඩක් ඉතාමත් වැදගත් වේ. එනම් බටහිර ධනවාදී සංවර්ධනය තුල බලය සහ ප්‍රචණ්ඩත්වය විසින් ඉටුකල කේන්ද්‍රීය කාර්යභාරය හා චීනය තුල එහි ඇති සාපේක්ෂව අඩු වැදගත්කමයි. විශිෂ්ට ඓතිහාසික සමාජ විද්‍යාඥයෙකු වූ ජියොවානි අරිගි විසින් රචිත බීජින්හි ඇඩම් ස්මිත් ( Adam Smith In Beijing) කෘතියෙහි ඔහු මෙලෙස ප්‍රශ්න කර සිටිනවා. චීනය හා යුරෝපය දෙගොල්ලන්ම 18 වන ශතවර්ෂය වනවිට වෙළෙදපොළ ආර්ථිකයන් සංවර්ධනය කරගැන්මට සමත් වී තිබුණද, ඒවාවල ගමන් මග සපුරා වෙනස් වූයේ ඇයි? චීනය පරිහානියට පත්වෙද්දී යුරෝපය ගෝලීය ආධිපත්‍යයේ දිසාවට ගමන් කලේ කෙසේද? ප්‍රචණ්ඩත්වය හා යුරෝපයේ ධනවාදී පරිවර්තනය ඇඩම් ස්මිත් පාදක කර ගනිමින් අරිගි පවසා සිටින්නේ කාර්මික විප්ලවයෙන් ශතවර්ෂ දෙකකට හෝ තුනකට පෙර යුරෝපයේ මෙන්ම චීනයේ ද වෙළෙදපොල සම්බන්ධතා විසින් ශ්‍රම විභජනයට මග පෑදු බවත්, ඒ නිසාවෙන් ඵලදායීතාවය ක්‍රමිකව ඉහල ගිය බවත්ය. අරිගි මෙන්ම අනෙක් අය චීනයේ මෙලෙස දිග හැරුණු සංවර්ධනය හැදින්වූයේ "කඩිසර විප්ලවය"
සියලු සාංදෘෂ්ටීන් පිලිබඳ නිර්දය විචාරයක් සඳහා