ජ නාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්ව වසර දෙකක් ගත වී තිබෙන තැන, ඔහුගේ ආණ්ඩුව සම්බන්ධයෙන් සැලකිය යුතු මහජන විරෝධයක් නිර්මාණය වෙමින් තිබෙන බව පෙනෙන්ට තිබේ. මෙලෙස ආණ්ඩුවේ ජනප්‍රියතාවය අභියෝගයට ලක්වීමට සමගාමීව ආණ්ඩු විරෝධී කතිකාව ප්‍රබල වෙමින් පවතී. ආණ්ඩු විරෝධී කතිකාව තුල ආධිපත්‍යය සඳහා පොර බඳින විකල්ප ව්‍යාපෘතීන් දෙකක් මූලික වශයෙන් දැකගත හැක ; ඒ සමගි ජන බලවේගය ප්‍රමුඛ ප්‍රවණතාවය සහ ජනතා විමුක්ති පෙරමුණ විසින් ගොඩනගා තිබෙන ජාතික ජන බලවේගයයි. පෙනෙන්ට තිබෙන කරුණ වන්නේ මේ අතුරින් ජාතික ජන බලවේගය වෙත සැලකිය යුතු මහජන අවධානයක් ලැබෙමින් තිබෙන බවයි. මෙලෙස ජනතා අවධානයක් දිනාගන්නා තරමට සාපේක්ෂව, ඊට විරුද්ධව සමගි ජන බලවේගයට හිතවත් පාර්ශව වෙතින් මතවාදීමය ප්‍රහාරයක් ද එල්ල වනු දක්නට පුලුවන. සමගි ජන බලවේගය සහ ඊට පක්ෂපාතී බුද්ධිමතුන් ජාතික ජන බලවේගයට එල්ල කරන ප්‍රමුඛතම විවේචනයක් වන්නේ, ස්වාධීනව කටයුතු කිරීම නිසා ආණ්ඩු විරෝධී ඡන්ද කැඩීමට ජාතික ජන බලවේගය කටයුතු කරන බවත් එය අනියම් ලෙස ආණ්ඩුවට වාසිදායක බවත්ය. එහෙම කරන්නේ නැතිව, ‘ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරට’ අයත් සියලු පක්ෂ ගෝඨාභය රාජපක්ෂගේ අධිකාරිවාදී පාලනය
සියලු සාංදෘෂ්ටීන් පිලිබඳ නිර්දය විචාරයක් සඳහා