Skip to main content

Posts

ආණ්ඩු විරෝධයේ ප්‍රතිවිරෝධය

  ජ නාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්ව වසර දෙකක් ගත වී තිබෙන තැන, ඔහුගේ ආණ්ඩුව සම්බන්ධයෙන් සැලකිය යුතු මහජන විරෝධයක් නිර්මාණය වෙමින් තිබෙන බව පෙනෙන්ට තිබේ. මෙලෙස ආණ්ඩුවේ ජනප්‍රියතාවය අභියෝගයට ලක්වීමට සමගාමීව ආණ්ඩු විරෝධී කතිකාව ප්‍රබල වෙමින් පවතී. ආණ්ඩු විරෝධී කතිකාව තුල ආධිපත්‍යය සඳහා පොර බඳින විකල්ප ව්‍යාපෘතීන් දෙකක් මූලික වශයෙන් දැකගත හැක ; ඒ සමගි ජන බලවේගය ප්‍රමුඛ ප්‍රවණතාවය සහ ජනතා විමුක්ති පෙරමුණ විසින් ගොඩනගා තිබෙන ජාතික ජන බලවේගයයි. පෙනෙන්ට තිබෙන කරුණ වන්නේ මේ අතුරින් ජාතික ජන බලවේගය වෙත සැලකිය යුතු මහජන අවධානයක් ලැබෙමින් තිබෙන බවයි. මෙලෙස ජනතා අවධානයක් දිනාගන්නා තරමට සාපේක්ෂව, ඊට විරුද්ධව සමගි ජන බලවේගයට හිතවත් පාර්ශව වෙතින් මතවාදීමය ප්‍රහාරයක් ද එල්ල වනු දක්නට පුලුවන. සමගි ජන බලවේගය සහ ඊට පක්ෂපාතී බුද්ධිමතුන් ජාතික ජන බලවේගයට එල්ල කරන ප්‍රමුඛතම විවේචනයක් වන්නේ, ස්වාධීනව කටයුතු කිරීම නිසා ආණ්ඩු විරෝධී ඡන්ද කැඩීමට ජාතික ජන බලවේගය කටයුතු කරන බවත් එය අනියම් ලෙස ආණ්ඩුවට වාසිදායක බවත්ය. එහෙම කරන්නේ නැතිව, ‘ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරට’ අයත් සියලු පක්ෂ ගෝඨාභය රාජපක්ෂගේ අධිකාරිවාදී පාලනය
Recent posts

දහයට 'නොනිදන' ඩඩ්ලි

ස හල් යුද්ධය සහල් මෝල් කතිපයාධිකාරයට ජය ගෙන දෙමින් අවසන් වී තිබේ. බලයට පත්වීමට පෙර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සම්බන්ධව ප්‍රචාරය කෙරුණු ප්‍රතිරූපය වූයේ ඔහු ශක්තිමත් පාලකයෙක් බවය ; රට ' විනයගත ' කිරීම සඳහා එබඳු තද පාලකයෙක් අවශ්‍ය බවය. මෙම තර්කය අනුව යමින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පවා වෙනස් කෙරුණි. අතිමහත් බලතල ජනාධිපතිවරයා වෙත පැවරුණි. තුනෙන් දෙකක බලය සහිතව ආණ්ඩුව වැඩ ඇල්ලුවේ ' නොහැක්කක් නොමැත ' ස්වරයෙනි. පසුගිය සැප්තැම්බර් 2 වන දා සහල් සඳහා උපරිම තොග මිලක් නියම කරමින් , ආණ්ඩුව සහල් මෙහෙයුම දියත් කලේ හදිසි නීති බලතල පවා සහිතවය. කෙසේ වුවද , ' කවුද රජා ' යැයි පැහැදිලි වීමට ගත වූයේ සති දෙක තුනකි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහල යාම නිසා පීඩාවට පත් පාරිභෝගික ජනයා සඳහා වූ සහනයක් ලෙස සහල් සඳහා උපරිම තොග මිලක් නීතියෙන් නියම කල ආණ්ඩුව - එම මිලට සහල් සැපයුම ප්‍රතික්ෂේප‍ෙ කොට ඒවා ගබඩාවල රඳවා ගෙන සිටින විශාල ව්‍යාපාරිකයන්ට එරෙහිව - හමුදා සේනාංක ද යොදාගෙන කල මෙහෙයුම මේ වනවිට අත්හැර දමා ඇත. මිල කවරක්දැ ' යි සහල් මෝල් හිමියන් විසින්ම නිවේදනය කොට තිබේ. මෙය සිදුවූ පලමු

මෙන්ෂෙවික්වරුන්ට මොකද උනේ? (2) | මෙන්ෂෙවිකයන් අතර මතභේද

රු සියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂය තුල වූ මෙන‍්ෂෙවික්-බොල්ෂෙවික් භේදය එහි අවසානය කරා ලගා වූයේ 1912 දීය. මෙම වර්ෂයේ දී අවසානාත්මක වශයෙන් බොල්ෂෙවිකයන් හා මෙන්ෂෙවිකයන් පක්ෂ දෙකක් ලෙස වෙන්වූහ. භේදය සම්පූර්ණ වූයේ කණ්ඩායම් දෙක අතර සමථයක් ඇති කිරීමට ට්‍රොට්ස්කි බඳු අය දැරූ උත්සාහය ව්‍යර්ථ වීමෙන් ඉක්බිතිවය. මෙලෙස බොල්ෂෙවිකයන්ගෙන් වෙන් වූවත්, මෙන්ෂෙවික් පක්ෂය සමජාතීය එකක් නොවීය. ඒ තුල විවිධ උප ප්‍රවණතා විය. මෙම උප ප්‍රවණතා අතර ගැටුම ඉතාම පැහැදිලිව කරලියට පැමිණියේ 1914 පලමු ලෝක යුද්ධය ඇතිවීමත් සමගය. පලමු ලෝක යුද්ධය යුරෝපය පුරා වූ සමාජවාදී පක්ෂ වෙත තීරණාත්මක කඩ ඉමක් ඉදිරිපත් කලේය. දෙවන ජාත්‍යන්තරය මූලධාර්මික වශයෙන් යුධ විරෝධී විය. කම්කරුවන් අතර ජාත්‍යන්තර සහයෝගීතාවය වෙනුවෙන් පෙනී උන් මෙම සංවිධානය යුද්ධය හට ගැනීමත් සමග තීරණාත්මක අර්බුදයකට ලක්විය. යුරෝපයේ බොහෝ සමාජවාදී පක්ෂ; මෙතෙක් තමා දැරූ ස්ථාවරය වෙනස් කරමින්, යුද්ධයේදී තම තමන්ගේ රටවල ආණ්ඩුවලට සහයෝගය දෙන ප්‍රතිපත්තියකට මාරු වූහ. මෙම ප්‍රවණතාවය 'සමාජ-ජාත්‍යොන්මාදවාදය' ලෙස එහි විවේචකයන් විසින් හඳුන්වන ලදී. වචනයෙන් සමාජවාදය ගැන කථ

මෙන්ෂෙවික්වරුන්ට මොකද උනේ? (1) | බොල්ෂෙවික්-මෙන්ෂෙවික් භේදය

රුසියානු විප්ලවය පිලිබඳ කථා කරන විට, හැමදෙනාම කථා කරන්නේ බොල්ෂෙවික් පක්ෂය පිලිබඳවය. විප්ලවයේ ජයග්‍රාහකයන් වූයේ බොල්ෂෙවිකයන් නිසා මෙය සාධාරණය. ඉතිහාසය අයිති වන්නේ ජයග්‍රහණය කරන අයටය. කෙසේ වුවද, 1917 වන තෙක් රුසියාවේ සමාජවාදී ව්‍යාපාරයේ විශාලතම ප්‍රවණතාවය වූයේ බොල්ෂෙවික්වරුන් නොවේ ; මෙන්ෂෙවික්වරුන්ය. පිටුවහලේ සිටි ලෙනින් 1917 අප්‍රේල් මස ස්විට්සර්ලන්තයේ සිට අප්‍රේල්වල රුසියාවට නොපැමිණි, ක්ෂණිකව බලය අල්ලා ගැනීම පිලිබඳ අදහස බොල්ෂෙවික් පක්ෂය තුල ජය නොගත් විකල්ප යථාර්තයක ඇතැම්විට රුසියාවේ පාලක පක්ෂය වන්නට ඉඩ තිබූ මෙන්ෂෙවික් පක්ෂයට පසුව අත් වූ ඉරණම කුමක්ද? මෙම කෙටි ලිපි පෙල ඒ පිලිබඳවය. ***  මෙන්ෂෙවික්වරුන්ට වූ දේ ගැන කථා කිරීමට පෙර මෙන්ෂෙවික්වරුන් යනු කවුදැයි හදුනාගත යුතුය. මෙන්ෂෙවික්වරුන්ට සිදුවූ දේ ඔවුන් 'කවුද?', ඔවුන් 'කලේ කුමක්ද?' යන්න සමග තදබල ලෙස බැඳී පවතී.   බොල්ෂෙවික් හා මෙන්ෂෙවික් යනු රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ ප්‍රවණතා දෙකකි. මෙම භේදය ඇති වූයේ 1903දීය. මෙකල යුරෝපයේ කම්කරු පාන්තික සමාජවාදී ව්‍යාපාරය හැඳින්වූ‍යේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය නමිනි

ගෝලීයකරණය ගැන මායාවල් එපා (2) - සමීර් අමීන්

න ව ලිබරල් ගෝලීයකරණය නිසා ඇති වී තිබෙන ඉතාම වැදගත්, ඒ වගේම තැති ගන්වන සුලු ප්‍රවණතාවයක් තමයි ඉතිහාසයේ පෙර නුවූ විරූ ලෙස අසමානතා වර්ධනය වීම. තෝමස් පිකටි බඳු ආර්ථික විද්‍යාඥයන් හා තවත් අය මෙම ප්‍රශ්නයේ බරපතලකම ආනුභූතික දත්ත අනුසාරයෙන් පෙන්වා දී තිබෙනවා. මෙම අසමානතාවය පාලනය කරන්ට නම්, ගෝලීය ධන බද්දක් හෝ අනුක්‍රමික බදු ක්‍රමයක් අවශ්‍ය බව පිකටි කියනවා. මේ විසඳුම ධනවාදය තුල සාක්ෂාත් කරගත හැකි යැයි ඔබ සිතනවාද? මේ දත්ත නිවැරදියි. අඩුම තරමින් සොයාගත හැකි හොඳම දත්ත තමයි මේ. එහෙත් මේ සම්බන්ධයෙන් වූ විශ්ලේෂණය, පසුගිය වසර පනහක කාලය තුල අසමානතාවය වර්ධනය වීම සම්බන්ධයෙන් කෙරෙන පැහැදිලි කිරීම දුර්වලයි. හැම තැනම අසමානතාවය වර්ධනය වන්නේ ඇයි? ඊට හේතුවක් තිබේද? හැම රටකම අසමානතාවය වර්ධනය වී තිබෙන්නේ ඒකාකාර ලෙසටද? රටාවන්ගේ වෙනසක් වේ නම්, ඊට හේතුව කුමක්ද? උදාහරණයක් ලෙස පිකටි ඇතුලු අනෙක් අය තුන්වන ලෝකයේ අසමානතාවය වැඩිවීම පිලිබඳ ඉදිරිපත් කරන විශ්ලේෂණය තුල එක් වැදගත් වෙනසක් ආමන්ත්‍රණය වෙලා නැහැ. ඒ තමයි අසමානතාවය වැඩිවීම සමග සමස්ත ජනගහණයේ ආදායම ඉහල යාමේ තත්වය සහ ජනගහණයේ බහුතරය දුගීභාවයට පත්වීම සමග අසමානතාවය ඉහල යා

බණ්ඩාර දිසානායකගේ පෞද්ගලික සරසවිය, ධම්මක චැනලය හා ගුරු අරගලය

 නිශාන්ත බණ්ඩාර  බ ණ්ඩාර දිසානායක හා උපුල් සන්නස්ගල යන දෙන්නාම ගත් කළ ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරුන්ය. ඔවුන් එක්ව සිදු කළ සංවාදයක් යූ ටියුබ් නාලිකාවට පසුගිය දිනෙක උඩුගත කොට තිබුණි. මෙම සාකච්ඡාව තුළදී  සක්‍යා ආයතනය ගැන හා ගුරු වෘත්තිය පිළිබද මෙන්ම, ළමයින්ට ඇති ආදරය සහ ඒ වෙනුවෙන් සිසුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර පිළිබඳවද; ගුරුවරුන් ලෙස ඔවුන්ගේ ජීවිතය පිළිබඳවද ඒ හා බැඳි සමාජ ජීවිතය පිළිබඳවද සාකච්ඡා වෙයි.  මෙහිදී මේ සියලු කතා අතර සන්නස්ගල අසන විශේෂ ප්‍රශ්නයක් තමයි උසස්පෙළ ළමයින්ට A සාමාර්ථ ගන්නට උගන්වන බණ්ඩාර දිසානායක පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්නේ ඇයිද යන ප්‍රශ්නය. එහිදී මේ ප්‍රශ්නයට ලබා දෙන අතිශය සාමාන්‍ය පිළිතුර වන, ඉතාම සුළු ලකුණු මට්ටමකින් රජයේ විශ්වවිද්‍යාල වලට යෑමට අවස්ථාව නොලැබෙන ලක්ෂ සංඛ්‍යාත දරුවන් වෙනුවෙන් එය ආරම්භ කළ බව ඔහු පවසයි. ඒ සමගම මෙම විශ්වවිද්‍යාලය තුළ තමන්ට හැකි උපරිම අයුරින් දරුවන් වෙනුවෙන් සහන සලසන බවත්, සමහරුන්ට නොමිලේ උගන්වන බවත් ඔහු පවසයි. එසේම එතැනින්ද එහාට යමින් කළ යුත්තේ මේවැනි අසරණ ළමයි පිටරට යාම නවතා හැකිනම් පිටරට ළමයින්ද මෙහි ගෙන්වා ඉගැන්විය යුතු බවයි. තවද ම

ගෝලීයකරණය ගැන මායාවල් එපා - සමීර් අමීන්

  සමීර් අමීන් (1931-2018) ආර්ථික චින්තනයේ ඉතිහාසය තුල   සිය අනන්‍යතාවය ප්‍රකට ලෙස සටහන් කල රැඩිකල් චින්තකයෙකි. 1931 ඊජිප්තුවේ කයිරෝ හි උපත ලැබූ ඔහුගේ අධ්‍යයන කලාපය වූයේ ' තුන්වන ලෝකය ' ලෙස හඳුනාගත් ගෝලීය දකුණේ රටවල ඌන සංවර්ධනය පිලිබද ප්‍රශ්නයයි. එනම් තුන්වන ලෝකයේ රටවල්වලට ' සංවර්ධනය වෙන්න බැරි ඇයි ?' කියන ප්‍රශ්නයයි. ධනවාදය යටතේ ලෝක ආර්ථිකය ධූරාවලිගත , අසමානතාවයෙන් හා සූරාකෑමෙන් යුක්ත එකක් බව තර්ක කල අමීන් මේ පද්ධතිය තුල ගෝලීය උතුරේ රටවල් ගෝලීය දකුණේ රටවල් දුගීකරණයට ලක්කිරීම තුලින් සංවර්ධනය වන බව පැවසීය. ' පරායක්තතා න්‍යාය ' (dependency theory) නමින් ප්‍රකට වූ ගුරුකුලයේ පුරෝගාමියෙක් ලෙස ‍ හෙතෙම පරිධියේ රටවල සිට ගෝලීය උතුරේ රටවල් වෙත සම්පත් ගලනය සිදුවන හැටි ; ඒ තුල පරිධියේ රටවල ඌන සංවර්ධනය දිගටම පවතින හැටි පෙන්වා දී තිබේ. පරිධියෙන් උද්ධරණය කෙරෙන අතිරික්තය ඔහු හඳුන්වන්නේ ' අධිරාජ්‍යවාදී කුලිය ' යන නමින්ය. පහත සම්මුඛ සාකච්ඡාව 2018 වර්ෂයේ, එනම් මිය යාමට ටික කලෙකට පෙර ඔහු ඉන්දියාවේ Frontline සගරාව සමග කල සංවාදයක සිංහල පරිවර්තනයයි. ගෝලීයකරණය , අසමානතා වර්ධනය