Skip to main content

බණ්ඩාර දිසානායකගේ පෞද්ගලික සරසවිය, ධම්මක චැනලය හා ගුරු අරගලය


 නිශාන්ත බණ්ඩාර 

ණ්ඩාර දිසානායක හා උපුල් සන්නස්ගල යන දෙන්නාම ගත් කළ ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරුන්ය. ඔවුන් එක්ව සිදු කළ සංවාදයක් යූ ටියුබ් නාලිකාවට පසුගිය දිනෙක උඩුගත කොට තිබුණි. මෙම සාකච්ඡාව තුළදී  සක්‍යා ආයතනය ගැන හා ගුරු වෘත්තිය පිළිබද මෙන්ම, ළමයින්ට ඇති ආදරය සහ ඒ වෙනුවෙන් සිසුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර පිළිබඳවද; ගුරුවරුන් ලෙස ඔවුන්ගේ ජීවිතය පිළිබඳවද ඒ හා බැඳි සමාජ ජීවිතය පිළිබඳවද සාකච්ඡා වෙයි. 

මෙහිදී මේ සියලු කතා අතර සන්නස්ගල අසන විශේෂ ප්‍රශ්නයක් තමයි උසස්පෙළ ළමයින්ට A සාමාර්ථ ගන්නට උගන්වන බණ්ඩාර දිසානායක පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්නේ ඇයිද යන ප්‍රශ්නය. එහිදී මේ ප්‍රශ්නයට ලබා දෙන අතිශය සාමාන්‍ය පිළිතුර වන, ඉතාම සුළු ලකුණු මට්ටමකින් රජයේ විශ්වවිද්‍යාල වලට යෑමට අවස්ථාව නොලැබෙන ලක්ෂ සංඛ්‍යාත දරුවන් වෙනුවෙන් එය ආරම්භ කළ බව ඔහු පවසයි. ඒ සමගම මෙම විශ්වවිද්‍යාලය තුළ තමන්ට හැකි උපරිම අයුරින් දරුවන් වෙනුවෙන් සහන සලසන බවත්, සමහරුන්ට නොමිලේ උගන්වන බවත් ඔහු පවසයි. එසේම එතැනින්ද එහාට යමින් කළ යුත්තේ මේවැනි අසරණ ළමයි පිටරට යාම නවතා හැකිනම් පිටරට ළමයින්ද මෙහි ගෙන්වා ඉගැන්විය යුතු බවයි. තවද මේ ප්‍රශ්නයට ප්‍රති ප්‍රශ්න ලෙස දැන් ඇත්තේ රාජ්‍ය බැංකු දෙකක් බවත් පෞද්ගලික බැංකු 21ක් ඇති බවත්, එසේම රාජ්‍ය රෝහල් මෙන්ම පෞද්ගලික රෝහල්ද ඇති බවත් ඔහු තර්ක කරයි. 

පෞද්ගලික විශ්වවිද්‍යාල වලට පක්ෂ අය හැමදාම මතුරන මේ කතාව ගැන අපිට මොකක්ද කියන්න පුලුවන්?

පළමුවෙන්ම හිතෙන දේ තමයි ; ඇත්ත, උසස් පෙළ සමත් ඉතා අතලොස්සකට පමණක් රාජ්‍ය විශ්වවිද්‍යාල වල අවස්ථාව ලැබෙන නිසා අනෙක් අයට විසඳුමක් අවශ්‍යයයි. පෞද්ගලික විශ්වවිද්‍යාල වලට එරෙහිව කතා කරන්නේ වාමාංශික පක්ෂ නිසා ඊලගට ඇහෙන ප්‍රශ්නය වන්නේ ඔය කියන විදියට හැමෝම රාජ්‍ය විශ්වවිද්‍යාල වලට බදවා ගන්න කියන එක ප්‍රායෝගිකද කියන ප්‍රශ්නය.  මනෝරාජික මනස්ගාත නැතිව රජය මගින් නියාමනය කරන පෞද්ගලික අධ්‍යාපනය පිළිගැනීම මීට ඇති එකම ප්‍රායෝගික විසදුම නොවේද? කියලා අහන්නේ ඒ අනුව. 

නමුත් මෙහිදී බොහෝ දෙනෙක් හිතා මතා මග හරින ප්‍රති-ප්‍රශ්නයක් ඇත. 

ඇයි බණ්ඩාර දිසානායක හෝ නෙවිල් ප්‍රනාන්දු හෝ කවුරු හෝ මේ විධියට ජාතික ප්‍රශ්නයකට පෞද්ගලික උත්තර දෙන්න යන්නේ? ඔව්, අපිට කියන්න පුලුවන් ඒ ළමයින්ගේ අසරණභාවය දරා ගන්න බැරිව, ආණ්ඩුවත් මොකුත් නොකරන නිසා, ඉතාම සද්භාවයෙන් කරන දෙයක් කියලා. ඒක එහෙම නම්, පුද්ගලයකු විධියට කරන සද්භාවී මැදිහත්වීමටකට වඩා ආණ්ඩුවකට නැත්නම් සමාජයකට මේ වගකීම ගත්තොත් වඩා සාධාරණයක් ඉටු කරන්න බැරිද? සැබැවින්ම අධ්‍යාපනය හා සෞඛ්‍ය වැනි අංශ පොදු සමාජ වගකීමක් වන්නේ මේ නිසා නොවේද? 

මනෝරාජික විසදුම වන්නේ ලක්ෂ සංඛ්‍යාත දරු පිරිසකගේ ප්‍රශ්නයකට එක්කෙනෙක් දෙන්නෙක්ගේ සල්ලි පාවිච්චි කරලා තනි උත්තර හදන එකද? පොදු සමාජයක් ලෙස වගකීම ගෙන රජය ලෙස විසදුම් ලබා දීමද? අපි මොහොතකට හිතමු බණ්ඩාර දිසානායක හෝ කවුරු හෝ සත පහක ලාභයක් ගන්නේ නැතිව මේ ප්‍රශ්නෙ විසදන්න මැදිහත් වෙනවා කියලා. ඒත් එහෙම වැඩකටත් සීමාවක් තියෙනවා නේද? ඔහුට හෝ ඇයට මග හැරෙන ප්‍රමාණය කොච්චරද? 

මේ අතර වසංගතය අස්සේ ඔන්ලයින් අධ්‍යාපනය ගැන කථාබහක් ඇති වී තිබේ. ධම්මික පෙරේරා චැනල් එකක් පටන්ගෙන ඒකට උත්තරයක් ද දි තිබේ, ඉතින් ඇයි ගුරුවරු ලක්ෂ ගණනක් ඉන්න, අධ්‍යාපන ඇමතිවරුන් කිහිපදෙනෙක් ඉන්න, අධ්‍යාපනය වෙනුවෙන්ම වෙන් වෙච්ච සම්පත් තියෙන, අත්දැකීම් සහිත ලංකාවේ අධ්‍යාපන අමාත්‍යංශයට ඔය වැඩේ කරන්න බැරි? 

මේක ධම්මික පෙරේරාගේ සද්භාවය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. ආණ්ඩුව හිතා මතා තම වගකීම මගහරිනවා. ඩයලොග් එකේ 'ශිෂ්‍යත්ව' කියලා රූපවාහිනී නාලිකා එක්ක එකතුවෙලා පින් අතේ වැඩ විධියට අති දුෂ්කර පාසල් වලට ශිෂ්‍යත්ව දෙනවා. ඇයි ආණ්ඩුවට ඕක කරන්න බැරි? අඩුම තරමේ සංඥා කුළුණු ටිකවත් හදන්නේ නැත්තේ ඇයි?

පැහැදිලිවම මේ තියෙන්නේ මේ දේවල් මෙහෙම වෙන්න ඉඩ හැරලා තිබීම. රාජ්‍යය ඒ වගකීම ගන්නේ නැතිකම. නමුත් බොහෝ දෙනෙක් මේ ගැන රාජ්‍යයෙන් ප්‍රශ්න කළාට පස්සේ ඒ දිහා බලන්නේ නැතිව හැරෙන්නේ ප්‍රශ්න කරන්නන් වෙතය. ඔවුන්ට අනුව කුහක ආණ්ඩුව නොව සමාජය පැත්තෙන් කරන ප්‍රශ්න කිරීමය. 

වත්මන් ගුරු අරගලය තුළ ඇත්තේද මෙවැනි ගැටලුවකි. එය බොහෝ දෙනෙක් දකින්නේ ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නයක් ලෙසය. එසේ වීමට සමහර විට සමහර වෘත්තිය සමිති මේ අරගලය සමාජගත කළ ආකාරයද හේතු විය හැකියි. කෙසේ නමුත් පොදුවේ ටියුෂන් වලට විශාල මුදලක් ගෙවන්න වෙලා තියෙනවා කියලා මැසිවිලි නගන දෙමාපියන් සමාජයක් ලෙස රටේ අධ්‍යාපනය වෙනුවෙන් මීට වඩා වැඩි මුදලක් වෙන් කරන්න කියල ආණ්ඩුවට කියනවා නම්, ඒක වඩා ස්ථිර විසඳුමක් නෙමෙයිද? රජය අධ්‍යාපනයට කරන වියදම වැඩි වෙන එක හරහා තම වියදම් සැහැල්ලු කරගන්න කල්පනා කිරීම නොවේද වඩා හොඳ විසඳුම? 

බණ්ඩාර දිසානායකගේ පෞද්ගලික විශ්ව විද්‍යාලය වගේම, ධම්මික පෙරේරාගේ අධයාපන චැනලය තුලින් ද එලියට එන්නේ එකම ප්‍රශ්නය. එනම් සමාජයක් ලෙස විසදුම් සෙවිය යුතු ප්‍රශ්න, ආණ්ඩුව තම සමාජ වගකීම අත් හැර දමා තිබෙන නිසා 'පෞද්ගලිකකරණය' වී තිබීම. බණ්ඩාර දිසානායකගේ හෝ ධම්මික පෙරේරාගේ උත්සාහයන් 'හොඳ' දේවල් විධිහට දකින සමාජය, ආණ්ඩුව සමාජ වගකීම අත්හැරීම ප්‍රශ්න කරන අය 'කුහකයන්' ලෙස හෙලා දකින තරමට මෙම පෞද්ගලිකකරණය අපි අතර සාමාන්‍යකරණය වෙලා තිබෙනවා. විකෘතිය අපිට පෙනෙන්නේ ප්‍රකෘතිය විධිහට. 


Comments

Popular posts from this blog

මොකක්ද අපි කරන්නෙ?

තු න්වන ලෝකයේ රටවල - එහෙම නැතිනම් බටහිර න‍ොවන සමාජවල දේශපාලන ක්‍රියාධරයන්, න්‍යායවේදීන් විසින් වාමාංශික හා ප්‍රගතිශීලී සාහිත්‍යයට කල; තවමත් සිදුකරන විශාල දායකත්වයක් තිබෙනවා. යුරෝපීය චින්තකයින්ගේ අදහස් ලංකාවේ සෑහෙන තරම් ප්‍රචලිත වී තිබෙන නමුත්, අපි හිතන විධිහට ගෝලීය දකුණේ වාමාංශික බුද්ධිමතුන්, ක්‍රියාකාරීන් විසින් ඉදිරිපත් කොට තිබෙන වි‍ශ්ලේෂණ සහ අදහස් ඒ තරම්ම සැලකිල්ලට ලක්වී නැහැ. තුන්වන ලෝකයේ රටවල් මුහුණ දෙන ප්‍රශ්නවල යම් සුවිශේෂීත්වයක් තිබෙන බවට වූ කරුණ සලකා බැලුවහම - මෙන්න මේ සාපේක්ෂ නොසැලකිල්ල එක්තරා විධිහක අඩුවක්.  මේ අවකාශය වෙන් වෙන්නේ බටහිර නොවන සමාජවල වාමාංශික න්‍යායවේදීන් හා ක්‍රියාධරයින් සමකාලීනව ඉදිරිපත් කරනු ලබන ඇතැම් අදහස් සිංහල භාෂාවෙන් ගෙන ඒම වෙනුවෙන්. මේ සඳහා ආරම්භයක් ලෙස, මේ වෙලාවේ ලංකාවේ දේශපාලනය තුලත් යම් උනුසුමක් ඇති කිරීමට හේතු වී තිබෙන චීනයේ භූමිකාව සම්බන්ධයෙන් වෝල්ඩන් බෙලෝ නමැති පිලිපීන ජාතික සමාජ ක්‍රියාකාරිකයා / ශාස්ත්‍රඥයා විසින් රචිත China: an Imperial Power in the Image of the West? (චීනය බටහිර හා සමාන අධිරාජ්‍යවාදී බලවේගයක්ද?) නමැති පොත් පිංච සිංහලට පරිවර්ත

ගෝලීයකරණය ගැන මායාවල් එපා (2) - සමීර් අමීන්

න ව ලිබරල් ගෝලීයකරණය නිසා ඇති වී තිබෙන ඉතාම වැදගත්, ඒ වගේම තැති ගන්වන සුලු ප්‍රවණතාවයක් තමයි ඉතිහාසයේ පෙර නුවූ විරූ ලෙස අසමානතා වර්ධනය වීම. තෝමස් පිකටි බඳු ආර්ථික විද්‍යාඥයන් හා තවත් අය මෙම ප්‍රශ්නයේ බරපතලකම ආනුභූතික දත්ත අනුසාරයෙන් පෙන්වා දී තිබෙනවා. මෙම අසමානතාවය පාලනය කරන්ට නම්, ගෝලීය ධන බද්දක් හෝ අනුක්‍රමික බදු ක්‍රමයක් අවශ්‍ය බව පිකටි කියනවා. මේ විසඳුම ධනවාදය තුල සාක්ෂාත් කරගත හැකි යැයි ඔබ සිතනවාද? මේ දත්ත නිවැරදියි. අඩුම තරමින් සොයාගත හැකි හොඳම දත්ත තමයි මේ. එහෙත් මේ සම්බන්ධයෙන් වූ විශ්ලේෂණය, පසුගිය වසර පනහක කාලය තුල අසමානතාවය වර්ධනය වීම සම්බන්ධයෙන් කෙරෙන පැහැදිලි කිරීම දුර්වලයි. හැම තැනම අසමානතාවය වර්ධනය වන්නේ ඇයි? ඊට හේතුවක් තිබේද? හැම රටකම අසමානතාවය වර්ධනය වී තිබෙන්නේ ඒකාකාර ලෙසටද? රටාවන්ගේ වෙනසක් වේ නම්, ඊට හේතුව කුමක්ද? උදාහරණයක් ලෙස පිකටි ඇතුලු අනෙක් අය තුන්වන ලෝකයේ අසමානතාවය වැඩිවීම පිලිබඳ ඉදිරිපත් කරන විශ්ලේෂණය තුල එක් වැදගත් වෙනසක් ආමන්ත්‍රණය වෙලා නැහැ. ඒ තමයි අසමානතාවය වැඩිවීම සමග සමස්ත ජනගහණයේ ආදායම ඉහල යාමේ තත්වය සහ ජනගහණයේ බහුතරය දුගීභාවයට පත්වීම සමග අසමානතාවය ඉහල යා

මම ඉල්ලා අස් නොවෙමි! : සැල්වදෝර් අයියන්දේ

  1970 දී මහජන ඡන්දයෙන් චිලි දේශයේ බලයට ආ සැල්වදෝර් අයියන්දේ එවකට ලෝකයේ සමාජවාදී ව්‍යාපාර අතර උත්තේජනයක් ඇති කලේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුලින් බලය ගැනීම වියහැකියාවක් බවට උදාහරණයක් සැපයූ නිසාය. ඔහු දියත් කල සමාජ-ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා බලපෑමට ලක්වූ චිලියේ විවිධ දක්ෂිණාංශික බලවේග ඇමරිකානු එක්සත් ජනපදයේ සෘජු සහයෝගය සහිතව කල හමුදා කුමන්ත්‍රණයක් තුලින් 1973 සැප්තැම්බර් 11 වනදා අයියන්දේව බලයෙන් පහ කොට අපකීර්තිමත් ඒකාධිපතියෙක් වන ඔගස්ටෝ පිනොශේව බලයේ පිහිටවූයේය. තමා මරා දැමීමට මොහොතකට පෙර, සැල්වදෝර් අයියන්දේ ජාතිය අමතා කල කථාවේ සිංහල අනුවාදය පහත පල වේ.                                                                                      *** මිත්‍රවරුනි, මේ මා ඔබ අමතන අවසාන අවස්ථාවය. ආරංචි වන අන්දමට මේ වනවිට ගුවන් හමුදාව රේඩියෝ පොර්ටාලේස් හා රේඩියෝ කොර්පොරාසියොන් යන ගුවන් විදුලි මධ්‍යස්ථාන කුලුනුවලට බෝම්බ හෙලා තිබේ.  මගේ වචනවල ගැබ් වී තිබෙන්නේ අමිහිරිබවක් නොව අතිමහත් කනගාටුවකි. ස්වකීය ප්‍රතිඥාව පාවා දුන් සියලු දෙනාට, චිලී දේශයේ සොල්දාදුවන්, හමුදාවල ප්‍රධානීන් ලෙස කටයුතු කල යුතුව තිබූ අය - නා