Skip to main content

Posts

Showing posts from 2020

චීනය යන්නේ බටහිර ගිය පාරේද? (2) | ධනවාදී සංවර්ධනයේ ප්‍රතිවිරුද්ධ අත්දැකීම්

  චී නය අද දවසේදී ලෝකයට අදාළ වෙන ආකාරය තේරුම් ගැනීමට නම් චීනය තුල ධනවාදයේ සංවර්ධනය සිදු වූ ආකාරය විමර්ශනය කල බැලිය යුතු වේ. මෙහිද එක් පැතිකඩක් ඉතාමත් වැදගත් වේ. එනම් බටහිර ධනවාදී සංවර්ධනය තුල බලය සහ ප්‍රචණ්ඩත්වය විසින් ඉටුකල කේන්ද්‍රීය කාර්යභාරය හා චීනය තුල එහි ඇති සාපේක්ෂව අඩු වැදගත්කමයි. විශිෂ්ට ඓතිහාසික සමාජ විද්‍යාඥයෙකු වූ ජියොවානි අරිගි විසින් රචිත බීජින්හි ඇඩම් ස්මිත් ( Adam Smith In Beijing) කෘතියෙහි ඔහු මෙලෙස ප්‍රශ්න කර සිටිනවා. චීනය හා යුරෝපය දෙගොල්ලන්ම 18 වන ශතවර්ෂය වනවිට වෙළෙදපොළ ආර්ථිකයන් සංවර්ධනය කරගැන්මට සමත් වී තිබුණද, ඒවාවල ගමන් මග සපුරා වෙනස් වූයේ   ඇයි? චීනය පරිහානියට පත්වෙද්දී යුරෝපය ගෝලීය ආධිපත්‍යයේ දිසාවට ගමන් කලේ කෙසේද? ප්‍රචණ්ඩත්වය හා යුරෝපයේ ධනවාදී පරිවර්තනය ඇඩම් ස්මිත් පාදක කර ගනිමින් අරිගි පවසා සිටින්නේ කාර්මික විප්ලවයෙන් ශතවර්ෂ දෙකකට හෝ තුනකට පෙර යුරෝපයේ මෙන්ම චීනයේ ද වෙළෙදපොල සම්බන්ධතා විසින් ශ්‍රම විභජනයට මග පෑදු බවත්, ඒ නිසාවෙන් ඵලදායීතාවය ක්‍රමිකව ඉහල ගිය බවත්ය. අරිගි මෙන්ම අනෙක් අය චීනයේ මෙලෙස දිග හැරුණු සංවර්ධනය හැදින්වූයේ "කඩිසර විප්ලවය"

මයික් පොම්පියෝගේ ශ්‍රී ලංකා සංචාරය සහ පොදුජන පෙරමුණු ආණ්ඩුවේ ‘වැට-උඩ‘ විදේශ ප්‍රතිපත්තිය

අමාලි වෙදගෙදර   යෝජිත MCC ගිවිසුම පිලිබඳ පොදු-පෙරමුණු ආණ්ඩුව තම නිළ ස්ථාවරය ප්‍රකාශ කර නැති මොහොතක, ඇමරිකානු රාජ්‍යය ලේකම් මෙන්ම MCC ආයතනයේ සභාපති වන මයික් පොම්පියෝගේ ශ්‍රී ලංකා සංචාරය අපි සැමගේ අවධානයට ලක්වූ දෙයක්. දිනෙන් දින උග්‍ර වන චීන-ඇමරිකා සම්බන්ධතා මධ්‍යයයේ ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු සහ චීන තානාපති කාර්යාල ඔවුන්  ශ්‍රී ලංකාව පිලිබඳ දක්වන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කෙරෙන අදහස් යුද්ධයකද නියැලී සිටින අතර තුර සිදු වූ මේ සංචාරය ඉන්දියන් සාගර කලාපයේ භූ-දේශපාලන කතිකාවතේ වැදගත් පැතිකඩක් ගෙන හැර පෑවා.   මයික් පොම්පියෝ විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන හා පැවැත්වූ සම්මුඛ සාකච්චාවේදී ප්‍රධාන වශයෙන් කරුණු තුනක් පිලිබඳ අදහස් දැක්වුවා.  A) පුද්ගලික අංශයයේ කාර්යභාරය : ඔහුගේ අදහස් දැක්වීම පටන් ගත්තේ (ඉන්දියන් සාගර කලාපයේ/ දකුණු ආසියාව තුල) ඇමරිකාවේ අඩිතාලම නැවතත් ශක්තිමත් කරගැනීමට ඉවහල් වන (ඇමරිකානු) පුද්ගලික අංශයේ බලය පිලිබඳ ප්‍රකාශ කරමින්. පොම්පියෝ කිව්වේ ඒ කාරණය පිලිබඳ ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ ඉදිරියේදී වැඩකරන්නට ඔවුන් මඟ බලාගෙන සිටින බව. ඔහුට අනුව ශ්‍රී ලංකාවේ ආයෝජනය කර ඇති කෝකා කෝලා, ඔරකල්, IBM ව

චීනය යන්නේ බටහිර ගිය පාරේද? - 1 කොටස

පිලිපීන ජාතික සමාජ ක්‍රියාකාරික / ශාස්ත්‍රඥ වෝල්ඩන් බෙලෝගේ China: an Imperial Power in the Image of the West? කෘතියේ සිංහල පරිවර්තනය කොටස් වශයෙන් අපිඉදිරිපත් කරමු. පහත පලවන්නේ එහි පලමු කොටසයි.   *** හැඳින්වීම - චීනය බටහිර ගිය මගම යනු ඇද්ද?  මෙ ම පොත් පිංච ලිවීමෙහි ලා අප පෙලඹවූ ප්‍රශ්නය නම්, චීනය ‍ගෝලීය තලය තුල එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය හා අනෙක් බටහිර බලවේග හා සමාන්තර අධිරාජ්‍යවාදී බලයක් බවට පත්ව තිබේද යන පැනයයි.  ඉහත කී රටවල් 'අධිරාජ්‍යවාදී' යැයි කියන විට, ධනවාදී සමාජ ලෙස ඒවා පැන නැගීමට පසුබිම් වූ ප්‍රධාන ක්‍රියාවලීන් දෙකක් අපගේ අවධානයට නතු වේ. පලමුවැන්න, ඒ සඳහා අවශ්‍ය ප්‍රාග්ධන සමුච්චනය සිදුකල හැකි වූයේ ධනවාදී ප්‍රභූන් විසින් පහල පන්තීන්ට එරෙහිව දියත් කල ප්‍රචණ්ඩ අස්වාමීකරණ හා සූරාකෑමේ ක්‍රියාවලියක ප්‍රතිඵල ලෙසය. දෙවනුව, මේ රටවල ගෝලීය බලපෑම හා හෙජමොනික බලවේග ලෙස ඒවාවල නැගී ඒම ධනවාදී-නොවන සමාජවලට එරෙහිව දියත් කල ප්‍රචණ්ඩත්වය මුදා හැරීම් සමග සහසම්බන්ධ වී තිබේ. බලය හා ප්‍රචණ්ඩත්වය පාව්චිචි කොට, බටහිර ධනවාදී රටවල් නිල යටත් විජිත ඇති කලහ. පසුව ඒවා 'නව යටත් විජිත' බවට ප

මොකක්ද අපි කරන්නෙ?

තු න්වන ලෝකයේ රටවල - එහෙම නැතිනම් බටහිර න‍ොවන සමාජවල දේශපාලන ක්‍රියාධරයන්, න්‍යායවේදීන් විසින් වාමාංශික හා ප්‍රගතිශීලී සාහිත්‍යයට කල; තවමත් සිදුකරන විශාල දායකත්වයක් තිබෙනවා. යුරෝපීය චින්තකයින්ගේ අදහස් ලංකාවේ සෑහෙන තරම් ප්‍රචලිත වී තිබෙන නමුත්, අපි හිතන විධිහට ගෝලීය දකුණේ වාමාංශික බුද්ධිමතුන්, ක්‍රියාකාරීන් විසින් ඉදිරිපත් කොට තිබෙන වි‍ශ්ලේෂණ සහ අදහස් ඒ තරම්ම සැලකිල්ලට ලක්වී නැහැ. තුන්වන ලෝකයේ රටවල් මුහුණ දෙන ප්‍රශ්නවල යම් සුවිශේෂීත්වයක් තිබෙන බවට වූ කරුණ සලකා බැලුවහම - මෙන්න මේ සාපේක්ෂ නොසැලකිල්ල එක්තරා විධිහක අඩුවක්.  මේ අවකාශය වෙන් වෙන්නේ බටහිර නොවන සමාජවල වාමාංශික න්‍යායවේදීන් හා ක්‍රියාධරයින් සමකාලීනව ඉදිරිපත් කරනු ලබන ඇතැම් අදහස් සිංහල භාෂාවෙන් ගෙන ඒම වෙනුවෙන්. මේ සඳහා ආරම්භයක් ලෙස, මේ වෙලාවේ ලංකාවේ දේශපාලනය තුලත් යම් උනුසුමක් ඇති කිරීමට හේතු වී තිබෙන චීනයේ භූමිකාව සම්බන්ධයෙන් වෝල්ඩන් බෙලෝ නමැති පිලිපීන ජාතික සමාජ ක්‍රියාකාරිකයා / ශාස්ත්‍රඥයා විසින් රචිත China: an Imperial Power in the Image of the West? (චීනය බටහිර හා සමාන අධිරාජ්‍යවාදී බලවේගයක්ද?) නමැති පොත් පිංච සිංහලට පරිවර්ත